ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර ඉහළ යයි

ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර ඉහළ යයි

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය සන්නද්ධ සටන්කාමීන් ඇෆ්ගනිස්තානය තුළ සිය ප්‍රහාර දැඩි කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

චීනය සහ ඇෆ්ගනිස්තානය ඉන්ධන ගනුදෙනුවක් සදහා අත්සන් තැබීම ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය සන්නද්ධ සටන්කාමීන් චීනය විසින් ඇෆ්ගනිස්තානය වෙත සිදු කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් දැඩිව විරුද්ධ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වාණිජ වශයෙන් චීනය විසින් ඇෆ්ගනිස්තානයේ සම්පත් ලබා ගැනීම නිසා ඇෆ්ගන් සන්නද්ධ සටන්කාමීන් කිසිසේත් චීනයට සහය නොදක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උයිගර් මුස්ලිම් ප්‍රජාවට හිංසා කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ ඇෆ්ගනිස්තානය තුළ දැඩි අවදානයක් යොමුව තිබෙනවා.

ඉස්ලාම් අන්තවාදී සටන්කාමීන් අතර චීනයට පවතින විරෝධය ඉහළ යාමට එය ද හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්තානයේ මෙන්ම මැද පෙරදිග කලාපය තුළ ඉස්ලාම් අන්තවාදී සටන්කාමී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් තිබෙනවා.

එම රටවලදී චීන වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වන ත්‍රස්ත ප්‍රහාර ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This