ඇෆ්ගනිස්තානයේ දිය නෑමට කොන්දේසි
ඇෆ්ගනිස්තානයේ ඇතැම් පළාත්වල කාන්තාවන්ට පොදු ප්රසිද්ධ ස්ථානවල දියනෑම තහනම් කර තිබෙනවා.
උතුරැ බල්ක් ප්රාන්තයේ බලධාරීන් පවසා ඇත්තේ ආගමික ප්රධානීන්ගේ උපදෙස් මත තමන් මෙම තීරණයට එළඹි බවයි.
මෙහිදී කාන්තාවන්ට දිය නෑ හැක්කේ පෞද්ගලික ස්ථානවලින් පමණක් වන අතර සිය නිවසේ පෞද්ගලිකව දිය නෑමට පහසුකම් නොමැති කාන්තාවන්ට වෙනත් පෞද්ගලික ස්ථානයකට ගොස් දිය නෑ හැක්කේ ද හිජාබයෙන් සැරසී පමණයි.
බාලවයස්කාර පිරිමි දරුවන්ට ද පොදු ස්ථානවල දිය නෑම තහනම් කර තිබෙනවා.
පොදු ස්ථානවල දිය නෑමේදී පිරිමින් සිරුරු සම්භාහනය කිරීම ද තහනම් කර තිබීම විශේෂත්වයක්.
එරට වාර්තා සඳහන් කළේ, ඇෆ්ගනිස්තානයේ බටහිර හේරාට් ප්රාන්තයේ බලධාරීන් ද කාන්තාවන් පොදු ස්ථානවලින් දිය නෑම තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.