ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාරයකින් පාකිස්ථාන සෙබළෙකු මරුට

ඇෆ්ගනිස්ථානයෙන් එල්ල වූ රහාරයක් මැඩපැවැත්වීමට පාකිස්ථානය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ දේශසීමා ආසන්නයේ කයිබර්පක්තුන්ක්වාහි පිහිටි පකිස්ථානයේ හමුදා මුරපොළක් වෙත එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

පාකිස්ථාන හමුදාව ද එහිදී ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ප්‍රහාර හමුවේ පකිස්ථානයේ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වකාර් අලී නම් සොල්දාදුවෙක්.

ත්‍රස්තවාදීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවදී ඔහු මියගිය බව පාකිස්ථාන හමුදාව සදහන් කළා

පාකිස්ථානය මෙම ප්‍රහාරය දැඩිව හෙළා දැක ඇති අතර ඔවුන් දන්වා ඇත්තේ දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඇෆ්ගනිස්ථාන භූමිය ත්‍රස්ත ක්‍රියාකාරකම් සදහා භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

Share This