ඇෆ්ගනිස්තානයේ ලිතියම්වලට ඇස ගසන හැටි
සමස්ත ලෝකයේම අවධානය යුක්රේන අර්බුදය දෙසට යොමුව තිබිය දී චීනය විසින් ඇෆ්ගනිස්තානයේ ලිතියම් කැණීම සදහා අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.
මෙතෙක් කණිනු නොලැබූ ඩොලර් ට්‍රිලියන තුනක් පමණ වටිනා ලිතියම් ඇතුළු ඛනිජ සම්පත් තොගයක් ඇෆ්ගනිස්තානය සතුව ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.
මෙම ඛනිජ ද්‍රව්‍ය කැණීම සදහා චීනයේ සමාගම් ගණනක අවධානය යොමුවී ඇති බව පැවසෙනවා.
ඒ අනුව පසුගියදා චීනයේ ලිතියම් නිෂ්පාදන සමාගම් කිහිපයක නියෝජිතයන් ඇෆ්ගනිස්තානයේ සංචාරය කර ඇති බවත් චීනයේ තඹ නිෂ්පාදන සමාගමක් ද ඇෆ්ගනිස්තානය තුළ කැණීම් ආරම්භ නිරීමට සැරසෙන බවත් සදහන්.
ඇෆ්ගනිස්තාන තලේබාන් පාලනයේ පතල් සහ ඛනිජ තෙල් අමාත්‍යශයේ ප්‍රකාශක ඉස්මතුල්ලා බුර්හාන් මෙම වාර්තා සනාථ කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඉක්මනින්ම ඇෆ්ගනිස්තානයේ ඛනිජ පතල් කැණීමේ ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කරනු ඇති බවයි.