ඇෆ්ගනිස්ථාන ජනතාවගෙන් සියයට 97 ක්ම දිළින්දන්
ඇෆ්ගනිස්තානයේ ජනතාව කුසට ආහාර ලබා ගැනීම වෙනුවෙන් දරුවන් සහ සිය ශරීර අවයව විකිණීම සිදුකරන ආකාරයේ ඛේදනීය තත්වයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බේස්ලි සදහන් කරන්නේ මේ වනවිට ආහාර සපයා ගැනීමේ දුෂ්කරතාවයෙන් පෙළෙන ඇෆ්ගන් වැසියන්ගේ සංඛ්‍යාව මිලියන විසිහතරක් පමණ බවයි.
ඇෆ්ගනිස්ථාන ජනතාවගෙන් සියයට 97 ක්ම දිළින්දන් ලෙස වර්ග කළ හැකි මට්ටමට පත්ව ඇති බව ද ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා අනාවරණය කර තිබෙනවා.
දේශපාලන අස්ථාවරත්වය, ගැටුම්, ආර්ථිකය බිද වැටීම, නියගය, කොරෝනා වසංගතය මෙන්ම අධික ශීත කාලගුණය ද ඇෆ්ගනිස්ථානයේ ගැටලු උග්‍ර කර ඇති බව සදහන්.
මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා ලෝකයේ හැකි සෑම රටක්ම ඇෆ්ගනිස්තානයට අවශ්‍ය ආධාර ලබාදිය යුතු බවත් ඒවා සැපයීම සදහා ඇති බාධා ඉවත් කළ යුතු බවත් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බේස්ලි පෙන්වා දී තිබෙනවා.