ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට

ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 8ක ජයක් හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 43ක් රැස්කළ අතර පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Rishad Hossain කඩුලු 03ක් දවාගත්තා.

අනතුරුව පිළිතුරු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ විටින් විට වර්ෂාවෙන් ඊට බාධා එල්ල වුණා.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්වාර 19යක දී බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 114ක්.

කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දුවාර 17යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඇෆ්ගනිස්ථානය කණ්ඩායම සමත් වුණා.

Share This