ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ අනාවරණය

ඇෆ්ගනිස්ථානය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ අනාවරණය

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් සංවිධානයේ පාලනයට නතු කර ගැනීමෙන් අනතුරුව ගතවූ කාලය තුළ එරට පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2021 අගෝස්තු 15 වනදා සිට මෙම වසරේ මැයි මාසය දක්වා වූ කාලය තුළ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 1,095 දෙනෙකු මිය ගොස් ඇති බවයි

පොදු ස්ථාන, ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ වෙළෙද සංකීර්ණ ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් හේතුවෙන් වැඩි පිරිසක් මරණයට පත්ව ඇති බව සඳහන්.

එමෙන්ම අදාළ කාලය තුළ එරට පුද්ගලයින් 2,679 දෙනෙකු තුවාල ලබා ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබෙනවා.

Share This