ඇෆ්ගනිස්ථානය ගැන සිදු කළ නවතම අනාවරණය

ඇෆ්ගනිස්ථානය ගැන සිදු කළ නවතම අනාවරණය

ඇෆ්ගනිස්ථානයේ ළමුන් 875,000 දෙනෙකු උග්‍ර මන්දපෝෂණයට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Human Rights Watch සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ එරට ජනගහනයෙන් තුනෙන් දෙකක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව ඇති බවයි.

ඒ අතර කාන්තාවන් සහ ගැහැණු ළමුන් වැඩි වශයෙන් සිටින බව සඳහන්.

මෙම තත්ත්වය ලෝකයේ දරුණුතම මානුෂීය ව්‍යසනයන්ගෙන් එකක් වන බවයි Human Rights Watch සංවිධානය පෙන්වා දී ඇත්තේ.

දැඩි ආධාර අහිමිවීම බොහෝ ඇෆ්ගනිස්ථානුවන් දිළිඳු හා කුසගින්නෙන් පෙළෙන්නන් බවට පත් වීමට හේතු වී ඇති බව සඳහන් කරන එම සංවිධානය බර්කිනා ෆාසෝ, හයිටි, නයිජීරියාව, සෝමාලියාව, දකුණු සුඩානය සහ යේමනය යන රටවල් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී සිටින රටවල් බවට පත්ව ඇති බව සඳහන් කර තිබෙනවා.

Share This