ඇෆ්ගනිස්ථානයට රික්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් – පුද්ගලයින් 15ක් මරුට

ඇෆ්ගනිස්ථානයට රික්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් – පුද්ගලයින් 15ක් මරුට

බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ භූමිකම්පාවකින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ රික්ටර් මාපක 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව ඉරාන දේශසීමාවට ආසන්න බටහිර නගරය වන Herat සිට කිලෝමීටර 40 ක් පමණ දුරින් ඇති වූ බවයි.

ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, සුන්බුන් යට සිරවී සිටින මිනිසුන් ගලවා ගැනීමට කටයුතු කරන බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

පළමු භූමිකම්පාවෙන් පසු ප්‍රබල කම්පන තුනක් සිදුව තිබෙනවා.

මේ වනවිට තුවාල ලැබූ 78කට වැඩි පිරිසක් නගරයේ ප්‍රධාන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This