ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපනය ලබන පිරිස සියයට හැටකින් අඩුවේ
ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපනය සදහා යොමුවන සිසුසිසුවියන්ගේ සංඛ්‍යාව සියයට හැටකින් පමණ අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට නව අධ්‍යාපන වර්ෂය පසුගියදා ආරම්භ වූ අතර, එහිදී නව ඇතුළත්වීම් මෙලෙස අඩුවී ඇති බවයි කාබුල් නගරයේ පෞද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල බලධාරීන් පවසා ඇත්තේ.
එම පිරිස් උපුටා දක්වමින් කම්මා පුවත් සේවය වාර්තා කර ඇත්තේ, එරට තුළ පවතින ආර්ථික සහ මානුෂීය අර්බුදය නිසා මතුව ඇති දුෂ්කරතා මෙම තත්වයට මූලික හේතුව බවයි.
මේ අතර තලේබාන් පාලකයන් විසින් කාන්තාවන් හය ශ්‍රේණියෙන් ඉහළට අධ්‍යාපනය ලැබීම ද තහනම් කර තිබෙනවා.
එයද එරට අධ්‍යාපනය බිද වැටීමට බරපතල හේතුවක් වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.