ඇෆ්ගනිස්ථානයේ ඉදිරි සති කිහිපය තුළ රූපලාවන්‍යාගාර වසා දැමීමට සූදානම්

ඇෆ්ගනිස්ථානයේ ඉදිරි සති කිහිපය තුළ රූපලාවන්‍යාගාර වසා දැමීමට සූදානම්

තලේබාන් සංවිධානයේ නියෝග මත ඉදිරි සති කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය පුරා කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දමනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒවා වසා දැමීම හේතුවෙන් රැකියා 60,000ක් පමණ අහිමිවනු ඇති බවයි ඇස්තමේන්තුගත කර තිබෙන්නේ

වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය නැවත බලයට පත් වූ දා සිට රූපලාවන්‍යාගාරවලට දිගටම ක්‍රියාත්මක වීමට අවසර දී තිබූ නමුත් එය පසුගිය මාසයේදී එහි ස්ථාවරය වෙනස් කරනු ලැබුවා

දැනටමත් උසස් අධ්‍යාපන කටයුතු , ජිම් සහ උද්‍යාන තහනම් කර ඇති ඇෆ්ගන් කාන්තාවන්ට මෙම තීරණය මගින් තවත් සීමාවන් එකතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This