ඇෆ්ගනිස්ථානයේ කෝටි දෙකකට ආසන්න පිරිසකට රැකියා නෑ

ඇෆ්ගනිස්ථානයේ කෝටි දෙකකට ආසන්න පිරිසකට රැකියා නෑ

ඇෆ්ගනිස්ථානයේ වයස අවුරැදු 18 ට වැඩි පුද්ගලයන් මිලියන 20 ක් හෙවත් කෝටි දෙකකට ආසන්න පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව සමීක්ෂණයක දී අනාවරණය වී තිබෙනවා.

අන්තර් ජාතික සංක්‍රමණිකයන්ගේ සංවිධානය විසින් සිදුකර ඇති එම සමීක්ෂණයට අනුව මෙම අගයන් තවදුරටත් ඉහළ යමින් ඇති බවයි පැවසෙන්නේ.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත 34 ක දිස්ත්‍රික්ක 401 ක් ඇසුරින් සිදුකර ඇති මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ, රැකියා අවස්ථා නොමැතිවීම, සහ නිසි අධ්‍යාපනයක් නොමැතිවීම මෙම තත්ත්වයට මූලිකව බලපා ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ ජනතාවගෙන් මිලියන 10 කට පමණ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සදහා අවස්ථාවක් නොමැති බව ද මෙම සමීක්ෂණයේ දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

පසුගිය කාලය පුරා පැවති ගැටුම් හේතුවෙන් මිලියන 6 ක් පමණ තවමත් අභ්‍යන්තර අවතැන්වූවන් ලෙස දිවිගෙවන බවත්, මිලියන 4.5 ක් පමණ රටින් පළාගොස් ඇති බවත් මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇති බව සඳහන්.

ඇෆ්ගනිස්ථානයේ සමස්ත ජනගහනය මිලියන 39 ක් පමණ වනවා.

Share This