ඇෆ්ගනිස්ථානයේ ගංවතුරින් 315කට දිවි අහිමි වෙයි

ඇෆ්ගනිස්ථානයේ ගංවතුරින් 315කට දිවි අහිමි වෙයි

උතුරු ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන විනාශ වී 315 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම, 1,600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ..

මේ හේතුවෙන් නිවාස දහස් ගණනකට හානි වී ඇති අතර පශු සම්පත් මෙන්ම, යටිතල පහසුකම් ද විනාශ වී ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් තලේබාන් ආර්ථික අමාත්‍ය දින් මොහොමඩ් හනීෆ් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ මානුෂීය ආයතනවලින් සහ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ ගංවතුරින් විපතට පත් වූවන් සඳහා සහන ලබා දෙන ලෙසයි

Share This