ඇෆ්ගනිස්ථානයේ දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ කස පහර ලැබූ අය (VIDEO)

ඇෆ්ගනිස්ථානයේ දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ කස පහර ලැබූ අය (VIDEO)

ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයකදී දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහරදී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම කණ්ඩායම අනාචාරය, මංකොල්ලකෑම් යන අපරාධ සඳහා වැරදිකරුවන් වූ බවයි තලේබාන් නිලධාරියෙක් බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ

ඉස්ලාමීය කණ්ඩායම් විසින් මසක් තුළ ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රහාර එල්ල කළ දෙවන අවස්ථාව මෙය බවද පැවසෙනවා

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් ප්‍රදේශයේ තලේබාන් ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ කාන්තාවන් තිදෙනාම දඬුවම් කිරීමෙන් පසුව නිදහස් කර ඇති බවත් පිරිමින් සිරගත කර ඇති බවත්ය.

පිරිමින්ට සහ කාන්තාවන්ට කස පහර 21ත් 39ත් අතර ප්‍රමාණයක් ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ තකාර් ප්‍රාන්තයේදී ද පුද්ගලයන් 19 දෙනෙකුට මෙවැනිම කස පහර එල්ල කරමින් පසුගිය සතියේ දඬුවම් ලබා දී ඇති බවද වාර්තා වී තිබෙනවා .

1996 සිට 2001 දක්වා කාලයේදී තලෙයිබාන් සංවිධානයේ පාලන සමයේදී ම්ලේච්ඡ කාන්තා මර්දනය නැවත සිදු නොකරන බවට ඔවුන් පවසා තිබු අතර එරට රජය ද එය සනාථ කර තිබු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නමුත් මෙම කණ්ඩායම නැවත පාලනයට පැමිණීමෙන් පසු කාන්තා නිදහස දැඩි ලෙස සීමා කර ඇති අතර අයිතිවාසිකම් ඉල්ලා සිටීම නිසා කාන්තාවන් රැසකට පහර දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This