ඇෆ්ගනිස්ථානයේ හිටපු මන්ත්‍රීවරියක් වෙඩි තබා ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථානයේ හිටපු මන්ත්‍රීවරියක් වෙඩි තබා ඝාතනය කරයි

ඇෆ්ගනිස්ථාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ ඇයගේ ආරක්ෂකයෙකු කාබුල් අගනුවර පිහිටි ඇයගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇති බව ඇෆ්ගනිස්ථාන පොලීසිය සඳහන් කර තිබෙනවා.

මුර්සල් නබිසාදා නම් මෙම කාන්තාව 2021 වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු කාබුල්හි රැඳී සිටි කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනාගෙන් කෙනෙක් බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මුර්සල් නබිසාදා ඝාතනයට ලක්වනවිට 32 හැවිරිදි වියේ පසුවුණා.

ඉරිදා (15) සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඇගේ සහෝදරයා සහ දෙවන ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

2021 වසරේදී තලේබාන් සංවිධානය නැවත බලයට පැමිණීමෙන් පසු සෑම අංශයකින්ම පාහේ කාන්තාවන් ඉවත් කරනු ලැබුවා

කාබුල්හි පොලිස් මාධ්‍ය ප්‍රකාශක Khalid Zadran පවසා තිබෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

 

Share This