ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත්වලින් නව කොරල්පරයක් සොයා ගැනේ

ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත්වලින් නව කොරල්පරයක් සොයා ගැනේ

ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත්වලට ඔබ්බෙන් සාගර ජීවීන් බහුල ස්ථානයකින් නව කොරල්පරයක් සොයාගෙන ඇති බව එරට පරිසර අමාත්‍යංශය සඳහන් කරනවා.

ගැඹුරු ජල විද්‍යාත්මක ගවේෂණයකින් සොයාගත් මෙම කොරල්පරය මීටර් 400 පමණ ගැඹුරු කිලෝමීටර් දෙකක් පමණ දිගකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පරිසර අමාත්‍ය ජෝස් ඩවාලෝස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ Galapagosහි කොරල්පරය ජනතාව පුදුමයට පත් කරන අතර එය රැක ගත යුතු පරිසර නිර්මාණයක් බවයි.

1982 සහ 1983 වර්ෂවල එල්නිනෝ කාලගුණයෙන් බේරුණු එකම ගැලපගෝස් කොරල්පරය ඩාවින් දූපතේ වෙරළ තීරයේ වෙලින්ටන් පරය ලෙසින් හැඳින්වෙන බව විද්‍යාඥයින් විශ්වාස කළ නමුත් නව සොයාගැනීම්වලින් තවත් කොරල්පර පවතින බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම කොරල්පරයේ 50%කට වඩා ජීවි කොරල්පර ඇති බව සඳහන්.

ගවේෂණයට සහභාගී වූ චාල්ස් ඩාවින් පදනමේ ජ්‍යෙෂ්ඨ සමුද්‍ර පර්යේෂක ස්ටුවර්ට් බෑන්ක්ස් පැවසුවේ “බොහෝ ගැඹුරු ජල පද්ධති පිරිහී ඇති නිසා මෙය ගෝලීය මට්ටමින් ඉතා වැදගත් සොයා ගැනීමක් වන අතර කොරල්පරය අවම වශයෙන් වසර දහස් ගණනක් පැරණි බවයි.

Share This