
ඉඩම් වංචාවකට ලංගමයේ හිටපු උප සභාපතිවරයෙකු CID අත්අඩංගුවට
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවයි.
අදාළ නිවෙස සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති ඝෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.