ඉඩාලියා නිසා ෆ්ලොරිඩාව සහ කියුබාව සූදානමින්

ඉඩාලියා නිසා ෆ්ලොරිඩාව සහ කියුබාව සූදානමින්

ඉඩාලියා නිවර්තන කලාපීය කුණාටුව එතැයි බලාපොරොත්තුවෙන් ෆ්ලොරිඩාව සහ කියුබාව සූදානමින් සිටින අතර එය සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර තවත් කුණාටුවක් වන ෆ්‍රෑන්ක්ලින්, එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළට සහ බර්මියුඩාවට කුණාටු තත්ත්වයක් ගෙන එනු ඇති බව ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (එන්එච්සී) පවසනවා.

ෆ්‍රෑන්ක්ලින් කුණාටුව දැනටමත් එක්සත් ජනපදයේ ගිනිකොණ දිග වෙරළ තීරයට ළඟා වී ඇති බවද සඳහන් වනවා.

දැනට,ෆ්ලොරිඩාව ඉඩාලියා කුණාටුව වෙත අවධානය යොමු කර ඇති අතර, ආණ්ඩුකාර Ron DeSantis අනතුරු අඟවා ඇත්තේ මෙයින් ඇතිවන බලපෑම් සඳහා ප්‍රාන්තය සූදානම් විය යුතු බවයි.

එමෙන්ම ජනාධිපති ජෝ බයිඩන් මෙම ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් අනුමත කර තිබෙනවා

 

 

Share This