ඉතා දුර්ලභ නිවුන් අලි උපතක් තායිලන්තයේදී (PHOTOS)

ඉතා දුර්ලභ නිවුන් අලි උපතක් තායිලන්තයේදී (PHOTOS)

මධ්‍යම තායිලන්තයේ Ayutthaya Elephant Palace හිදී ආසියාතික අලියෙකු ඉතා දුර්ලභ සිදුවීමක් වන නිවුන් අලි පැටවුන් බිහි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අලියාගේ භාරකරුවන් පවසා ඇත්තේ නිවුන් පැටවුන් උපත ලැබීම ආශ්චර්යමත් සිදුවීමක් බවයි.

36 හැවිරිදි චම්චුරි නමැති මෙම අලි මව නිවුන් දරුවන් ප්‍රසූත කිරීමට බලාපොරොත්තුවෙන් නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය පිරිමි පැටවෙකු බිහි කළ අවස්ථාවේදී අයුත්‍යා අලි මාලිගාවේ සහ රාජකීය ක්‍රාල්හි කාර්ය මණ්ඩලය සිතා ඇත්තේ ප්‍රසූතිය අවසන් වූ බවයි.

නමුත් පළමු අලි පැටවා පිරිසිදු කර දෙපයින් හිට ගැනීමට උදව් කරමින් සිටි අවස්ථාවේ චම්චුරි අලි මව දෙවන පැටවා බිහිකර තිබෙනවා.

දෙවන උපත අලි මවවත් භීතියට පත් කළ අතර භාරකරුවන්ට ඇයව පාලනය කිරීමට මහත් උත්සහයක් ගැනීමට සිදුවූ බව සඳහන්.

ඒ අවස්ථාවේදී අලි මව සමග ඇතිවූ ගැටුමෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

Save the Elephants නම් පර්යේෂණ සංවිධානය පවසන්නේ නිවුන් අලි උපත් වලින් සියයට එකක පමණක් සිදුවන අතර පිරිමි-ගැහැණු පැටව් දෙදෙනෙකු ඉපදීම ඊටත් වඩා දුර්ලභ බවයි.

ඒ අනුව උපත ලැබූ නිවුන් පැටවුන් දෙදෙනා මෙන්ම මවද යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි Ayutthaya Elephant Palace හි කරන්නේ.

Share This