ඉතාලියේදී බෝට්ටුවක් ගිලී යාමෙන් මියගිය ගණන තවත් ඉහළට

ඉතාලියේදී බෝට්ටුවක් ගිලී යාමෙන් මියගිය ගණන තවත් ඉහළට

දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් ළමයින් ඇතුළු 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට නිලධාරීන් සැක පළ කරනවා

පුද්ගලයන් 200 ක් පමණ සිටි බවට සැලකෙන යාත්‍රාව ක්‍රෝටෝන් අසලට ගොඩබෑමට උත්සාහ කිරීමේදී ගිලී ගිය බවයි පැවසෙන්නේ

ඇෆ්ගනිස්තානය, පාකිස්ථානය, සෝමාලියාව සහ ඉරානය යන රටවලින් පැමිණි අය එහි ගමන් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

මියගිය අය අතර කුඩා දරුවෙකු ද ඇතුළුව ළමුන් 12 දෙනෙකු ද සිටින බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

වෙරළාරක්ෂක බළකාය පැවසුවේ, “ගිලී යාමෙන් පසු වෙරළට ළඟා වීමට සමත් වූ පුද්ගලයින් 80 දෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති බවයි

යාත්‍රාවේ සිටි බොහෝ දෙනෙක් පාකිස්ථාන ජාතිකයන් බවටද විශ්වාසය පළ කරනවා

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අදහස් දක්වමින් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනෙකුත් රටවල්වලින් ඉල්ලා තිබෙන්නේ සරණාගතයින්ට සහ සංක්‍රමණිකයන්ට උපකාර කිරීමටත්, ආරක්ෂිත ගමන් මාර්ග සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමටත් එකතුවන ලෙසටයි

Share This