ඉතියෝපියාවේ ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 18ක් මරුට -15කට තුවාල
ඉතියෝපියාවේ ඔරොමියා ප්‍රදේශයේ Fentalleහි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය අය අතර ෆෙඩරල් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළත් වන බව කලාපයේ ප්‍රාදේශීය නායකයෙකු වන අබාබු වකෝ පවසා තිබෙනවා .
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ