ඉතිහාසයේ පළමුවරට ජාතික කරාටේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ඉතිහාසයේ පළමුවරට ජාතික කරාටේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ජාතික කරාටේ ශුරතාව – 2024, ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම ශූරතාව ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පලමුවතාවට වීම විශේෂත්වයක්

ක්‍රීඩා සමාජ 31ක ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ මෙවර ජාතික කරාටේ ශූරතාවලිය ඉසව් 35ක් යටතේ ක්‍රියාත්මක වී ඇති බව සඳහන්.

මෙහිදී ඉතා විශිෂ්ඨ අයුරින් දස්කම් දැක් වූ යුද්ධ හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 26ක්‍, රිදී පදක්කම් 26‍ක්, සහ ලෝකඩ පදක්කම් 30ක් සමඟින් ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්වී තිබෙනවා.

සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත්‍, දෙවන‍,තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව‍, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත්වූ බවයි වාර්තා වන්නේ.

Share This