ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති හිඟය අවසන් – සිමෙන්ති රැගත් නෞකා කිහිපයක් දිවයිනට (වීඩියෝ)
වෙළෙඳපොළ තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් තමන්ට සිය වෘත්තීය සිදුකර ගෙන යාමේ දැඩි ගැටලුවක් ඇති බව පෙදරේරුවන් චෝදනා කරනවා.
එසේම ඇතැම් වෙළෙඳුන් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2000ක් වැනි ඉහළ මිලකට අලෙවි කරමින් සිටින බවට පාරිභෝගිකයින් චෝදනා කර සිටිනවා.
පසුගිය වසරේ සිටම විවිධ අවස්ථාවලදී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයන් ඇති වුණා.
රුපියලට සාපේකෂව ඩොලරය අගය ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති මිල ඉහළ යාම වැනි හේතු මත ආනයනකරුවන් සිමෙන්ති ආනයනය සීමා කිරීමට කටයුතු කරනු ලැබුවා.
මෙම තත්ත්වය මත ආණ්ඩුව විසින් හිඟය මඟහරවා ගැනීම සඳහා සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මත පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කටයුතු කළ ද පවතින ඩොලර් අර්බුදය මත සිමෙන්ති ආනයනය තවදුරටත් සීමා වී පවතිනවා.
මේ අතර, සිමෙන්ති ආනයනයකරුවන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ පවතින සිමෙන්ති හිඟය පහව යනු ඇති බවයි.
මේ වනවිට සිමෙන්ති රැගත් නෞකා කිහිපයක් මෙරටට පැමිණ ඇති බවත්, එම සිමෙන්ති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් ආනයනකරුවන් පැවසුවා.