ඉදිරි පැය 24 තුළදී ගාසා තීරයට උතුරින් වෙසෙන සියලූ ජනතාවට ඉවත් වීමේ නියෝගයක්

ඉදිරි පැය 24 තුළදී ගාසා තීරයට උතුරින් වෙසෙන සියලූ ජනතාවට ඉවත් වීමේ නියෝගයක්

ඉදිරි පැය 24 තුළදී ගාසා තීරයට උතුරින් වෙසෙන සියලූ ජනතාව දකුණු ගාසා තීරයට පැමිණ පදිංචි විය යුතු බව ඊශ‍්‍රායල හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප‍්‍රකාශ කර තිබෙනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඒ අනුව ආසන්න වශයෙන් මිලියන 1.1ක ජනතාවක් ඉවත් විය යුතු බවයි

ඉවත්විය යුතු ප්‍රමාණය සමස්ත ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් පමණ වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

ගාසා සහ ජෙරුසලමට අනතුරු ඇඟවීම් ලබා දී ඇති බවද සඳහන් වනවා

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමාවේ සොල්දාදුවන්, බර කාලතුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු පසුගිය සෙනසුරාදා සිට එය ගාසා තීරයට ගුවන් ප්‍රහාර දියත් කරනු ලබනවා

කෙසේවෙතත් ඉවත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස එක්සත් ජාතීන් දැඩි ලෙස ඉල්ලා ඇති බවද සඳහන්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එවැනි නියෝගයක් තහවුරු කළහොත්, දැනටමත් ඛේදවාචකයක් වී ඇති සිදුවීම් තවදුරටත් වර්ධ්නය වෙමින් විපත්තිදායක තත්ත්වයක් බවට පත්විය හැකි බවයි

ඊශ්‍රායල හමුදාවේ සම්බන්ධීකරණ නිලධාරීන් ගාසා තීරයේ සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් නායකයින්ට ඉවත් කිරීමේ නියෝගය ගැන පවසා තිබෙන අතර එම නියෝගයට එක්සත් ජාතීන්ගේ සියලුම කාර්ය මණ්ඩලය සහ පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ සායන ඇතුළත් එක්සත් ජාතීන්ගේ පහසුකම්වල නවාතැන් ගත් අය ද ඇතුළත් බවයි පැවසෙන්නේ

Share This