ඉදිරියේදී පාතාල ක්‍රියාකාරකම් සඳහා කිසිදු ඉඩක් නැහැ

ඉදිරියේදී පාතාල ක්‍රියාකාරකම් සඳහා කිසිදු ඉඩක් නැහැ

ශ්‍රී ලංකා රජය මෙරටතුළ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරගෙන යාමේදී, ඊට එරෙහිව ඇතැම් පාතාල කණ්ඩායම් ක්‍රියාත්මක වන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා

අද(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ විමර්ශන අඩපණ කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි

අතීතයේදී දේශපාලන රැකවරණය සමඟින් පාතාලය පෝෂණයවීමේ ප්‍රතිඵල අද දක්නට ලැබෙන නමුත් අද ඒ සඳහා කිසිදු දේශපාලන රැකවරණයක් නොලැබෙන බවද ඔහු එහිදී පැවසුවා

එමෙන්ම පාතාල කණ්ඩායම්වලට එරෙහිව අද කඩිනමින් නීතිය ක්‍රියාත්මක වන හෙයින් පාතාල කල්ලි අතර තිබෙන ගැටුම් මෙලෙස එළියට එන බවයි ඔහු පෙන්වා දෙන්නේ

මීට අමතරව නීති විරෝධී ගිනි අවි සම්බන්ධයෙන් වූ විගණනය මේ වනවිට ආරම්භ කර ඇති අතර බොහෝ පුද්ගලයින් නීතිවිරෝධී ගිනිඅවි රජයට භාර දී තිබෙනවා.

ඒ අනුව ගිනි අවි 48ක් මේ වනවිට ලැබී ඇති අතර මෙම බොහොමයක් ගිනිඅවි පසුගිය වකවානු තුළ ලබාදුන් ගිනිඅවි බව සඳහන්.

ඉදිරිියේදී මෙවැනි පාතාල ක්‍රියාකාරකම් කිසිවක් සිදුවීමට ඉඩ නොතබන බවත් මෙවැනි ක්‍රියාකාරකම්වලින් තොර රටක් නිර්මාණය කිරීමට කටයුතු කරගෙන යන බවත් එහිදී ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළා

Share This