ඉදිරියේදී පොදු ප්‍රවාහනයට විද්‍යුත් වාහන හඳුන්වා දීම කෙරෙහි අවධානය

ඉදිරියේදී පොදු ප්‍රවාහනයට විද්‍යුත් වාහන හඳුන්වා දීම කෙරෙහි අවධානය

පෞද්ගලික වාහනවලට ප්‍රමුඛත්වය ලබාදෙන ආකාරයටම විද්‍යුත් වාහන පොදු ප්‍රවාහනයටත් හඳුන්වාදීම පිළිබඳව ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව සංවිධානය කරන විද්‍යුත් මෝටර්රථ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවට එක්වෙමින්

මෙරට පොදු ප්‍රවාහනය 80% ක දායකත්වයක් දී තිබුණත් එය 35%කට පමණ අඩු වී 65% ක් ම පෞද්ගලික වාහන භාවිතා කරමින් සිය ප්‍රවාහන අවශ්‍යතාවය සපුරාගැනීමට කටයුතු කිරීම නිසා මෙරටට අධි ඉන්ධන පිරිවැයක්, අධික අමතර කොටස් සඳහා මුදල් වෙනත් රටවලට යාම සිදු වී තිබෙන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව Asia Exhibition ආයතනය සමග ප්‍රථම වතාවට ඉදිරිපත් කරන EV Motor Show විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනයේ දී විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන සහ අනාගතයේ දී ගෙන්වීමට බලාපොරොත්තු වන සියලුම විද්‍යුත් මෝටර් රථ ඒ හා සමාන තාක්ෂණය පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබෙනවා

ඒ අනුව, ජුනි 28,29 හා 30 දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ දී වෙළඳ කුටි 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දායකතත්වයෙන් ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව සඳහන්

Share This