ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් – ආසාදිතයින් සොයා පරීක්ෂණ වැඩි කරයි

ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් – ආසාදිතයින් සොයා පරීක්ෂණ වැඩි කරයි

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ හේතුවෙන් නව ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අදාළ කොවිඩ් පරීක්ෂණ පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (22) පෙරවරු 8න් අවසන් වූ ගත වූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ 103,831 ක් සිදු කර ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දියාව තුළින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,134 දෙනෙකු වාර්තා වී ඇති බවයි එරට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යංශය අද (22) ප්‍රකාශ කළේ.

මීට අමතරව පසුගිය පැය 24 තුළ මරණ 5ක් වාර්තා වී ඇති අතර චතිස්ගාර්, දිල්ලි, ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලින් එක් මරණය බැගින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Share This