ඉන්දියාව 7%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තුවෙන්

ඉන්දියාව 7%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තුවෙන්

මෙම වසරේදී සියයට 7 ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර කටයුතු කරන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිය ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

ඉදිරි වසර 05 තුළ ආර්ථික වර්ධන වේගය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.

අවම වශයෙන් දශක එකහමාරක කාලයකින් අනතුරුව ආර්ථික වර්ධන වේගය සියයට 7-9 යන පරාසයක පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සිය ඕස්ට්‍රේලියානු සංචාරයට සමගාමීව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ද හමුවුණා

එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් ද හමුවූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වෙත ක්‍රිකට් පිත්‍තක් ද තෑගි කර ඇති අතර එය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාගේ අත්සනින් යුතු වනවා.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත ඔහුගේ නම සඳහන් කළ ක්‍රිකට් ජර්සියක් පිරිනමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This