ඉන්දියාව ඊශ්‍රායලය සමග සබඳතා වර්ධනයට සුදානම්

ඉන්දියාව ඊශ්‍රායලය සමග සබඳතා වර්ධනයට සුදානම්

ඊශ්‍රායලය සහ ඉන්දියාව අතර සබඳතා ඉදිරියට ගෙනයාමට මෙන්ම නව ඉලක්ක වෙතයාමට මීට වඩා හොඳ කාලයක් තිබිය නොහැකි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර සිටිනවා.

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර තිස් වසරක පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම සඳහා පසුගියද නිකුත් කළ විශේෂ වීඩියෝ පණිවිඩයක් මන් ඉන්දීය අගමැතිවරයා මේ බව පෙන්වා දී තිබෙනවා.

ඉදිරි වසර කිහිපය තුළ ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර මිත්‍රත්වය වඩාත් ශක්තිමත් වනු ඇතැයි තමා හට පූර්ණ විශ්වාසයක් ඇති බවද ඉන්දීය අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබුණා.

දෙරටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ සමීප සබඳතාවක් ගොඩනඟා ගෙන ඇති බවත්, ඉන්දියාව සහ ඊශ්‍රායලය එකිනෙකාගේ සංවර්ධන ගමනේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවත් අගමැති මෝදි මෙහිදී අවධාරණය කළා.

ඉන්දියාව 1950 සැප්තැම්බර් 17 වැනිදා ඊශ්‍රායලය පිළිගෙන තිබුණද, එම රටවල් අතර පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 1992 ජනවාරි 29 වැනිදා සිටයි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව මීට පෙර ඉන්දියාවේ පැවති සියලු ආණ්ඩුවලට වඩා ඊශ්‍රායලය සමග සමීප සබදතා පවත්වාගෙන යාමට වැඩි උනන්දුවක් දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This