ඉන්දියාව ඩෙංගු රෝගීන් වෙනුවෙන් එන්නතක් නිපදවයි

ඉන්දියාව ඩෙංගු රෝගීන් වෙනුවෙන් එන්නතක් නිපදවයි

ඉන්දියානු ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයින් විසින් 2026 වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු රෝගීන් සඳහා එන්නතක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සිදු කරන ලද මුල් අවධියේ අත්හදාබැලීම්වලදී කිසිදු අහිතකර තත්ත්වයක් වාර්තා නොවූ බව සඳහන්.

මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ වයස අවුරුදු 18 ත් -50 අතර පුද්ගලයින් 90 දෙනෙකුටයි

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් වන ඩෙංගු, පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබූ අතර පසුගිය ජනවාරි සහ ජූලි 31 අතර කාලය තුළ ඩෙංගු රෝගීන් 31,464 ක් සහ ඒ ආශ්‍රිත මරණ 36 ක් වාර්තා වී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කර තිබුණේ.

එන්නත් නිෂ්පාදක ඉන්දියානු ප්‍රතිශක්තිකරණ ආයතනය පැවසුවේ 2026 මුල් භාගය වන විට එහි ඩෙංගු උණ එන්නත වාණිජමය වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බවයි.

Share This