ඉන්දියාව ප්‍රතික්ෂේප කළ ඩ්‍රෝන යානා සඳහා වූ උපාංග

ඉන්දියාව ප්‍රතික්ෂේප කළ ඩ්‍රෝන යානා සඳහා වූ උපාංග

දේශීයව නිෂ්පාදනය කරන හමුදා ඩ්‍රෝන යානා සඳහා චීනයේ නිෂ්පාදිත උපාංග භාවිතා කිරීම ඉන්දියාව විසින් තහනම් කර තිබෙනවා.

ඒ ආරක්ෂක හේතු පදනම් කර ගෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩ්‍රෝන යානා සහ වෙනත් සන්නිවේදන උපකරණ සඳහා චීන උපාංග භාවිත කිරීම මගින් බුද්ධි තොරතුරු අවදානමට ලක්විය හැකි බවට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් සැක පළ කරනවා.

ආරක්ෂක හේතූන් පදනම් කර ගනිමින් දේශසීමා පවත්නා රටවල් ඩ්‍රෝන යානා හෝ සන්නිවේදන උපාංග හා එම කොටස් මිලදී ගැනීමේදී ලංසු ඉදිරිපත් කිරීමට සහභාගී කර නොගැනීමට ඉන්දියාව තීරණය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කළා.

Share This