ඉන්දියාව ශ්‍රී ලංකාවට දෙන සහය ගැන ඉන්දීය විදේශ ඇමති කියයි

ඉන්දියාව ශ්‍රී ලංකාවට දෙන සහය ගැන ඉන්දීය විදේශ ඇමති කියයි

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව සිය උපරිම මට්ටමේ සහය ලබාදී ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා ප්‍රකශ කර තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ තායිලන්ත විශ්වවිද්‍යාලයක පැවති දේශනයකට එක්වෙමින්.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසන්නේ මෙම වසරේ පමණක් ශ්‍රි ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3.8 ආධාර ලබාදීමට ද කටයුතු කර ඇති බවයි.

ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට සූදානම් බව ඉන්දියාව පවසනවා.

Share This