ඉන්දියාව සතු විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස ඉහළට

ඉන්දියාව සතු විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස ඉහළට

ඉකුත් පෙබරවාරි මාසයේ සිට ඉන්දියාවේ විදේශ විනිමය සංචිත වාර්තා ගත ලෙස ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය සංචිත බැංකුව විසින් නිකුත් කළ දත්ත අනුව පෙබරවාරි මාසයේදී එරට විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 572.8 ක් ලෙස වාර්තා වුණා.

කෙසේවෙතත් එය තවදුරටත් වර්ධනය වෙමින් ඉකුත් මාර්තු 24 වනදා වනවිට ඉන්දියාව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 578.78 ක් ලෙස බවයි සඳහන් වන්නේ.

ඉන්දියාවේ විදේශ විනිමය සඳහා ඉහළ දායකත්වයක් දක්වන විදේශ මුදල් වත්කම් මාර්තු මාසය අග වනවිට් අමෙරිකානු ඩොලර් බිලියන 509.72 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන්දියාවේ රන් සංචිතය ද ඩොලර් බිලියන 45.48 දක්වා ඉහළ ගොස් ඇතැයි වැඩි දුරටත් වාර්තා වනවා.

Share This