ඉන්දියාව සහ ප්‍රංශය අතර ආරක්ෂක එකඟතාවක්
සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ප්‍රංශය අතර එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.
මෙම එකඟතාව ඇති කර ගෙන ඇත්තේ මේ වනවිට ප්‍රංශයේ සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර් සහ ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන් යුවෙස් ලි ඩ්රෙන් අතර පැවති සාකච්ඡාවකදීයි.
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමටත් ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමටත් මෙහිදී එකඟතාවකට පැමිණඇති බව සඳහන්.
ඇෆ්ගනිස්තානයේ සහ යුක්රේනයේ දැනට පවතින තත්ත්වය සම්බන්ධටයන් බාහිර පාර්ශවකරූවන් ලෙස මැදිහත්ව කටයුතු කළ හැකි ආකාරව පිළිබදව ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
ප්‍රංශය ප්රමුඛ යුරෝපා සංගමයේ රටවල් මේ වනවිට ඉන්දියාව සමග සම්බන්ධතා තරකර ගනිමින් සිටින අතර ආසියා පැසිෆික් කලාපයේ නැගී එන චීන බලපෑම් පාලනය එහි අරමුණයි.