ඉන්දියාව සහ රුසියාව ඉක්මන් හමුවකට සැරසෙයි

ඉන්දියාව සහ රුසියාව ඉක්මන් හමුවකට සැරසෙයි

ඉන්දු – රුසියානු ඒකාබද්ධ සමුද්‍ර කොමිසම ඉක්මනින් රැස්වීමට අපේක්ෂා කරන බව දෙරටේ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍ර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම, ඒකාබද්ධ නැව් තැනීමේ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමට සහ අභ්‍යන්තර ජල මාර්ග අංශයේ සහයෝගීතාවය නංවා ගැනීම අරමුණ බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩෙනිස් මන්තුරොව් අතර අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම ඒකාබද්ධ සමුද්‍රීය කොමිසම රැස්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

වර්තමානයේදී ඉන්දියාවේ විශාලතම බොරතෙල් සැපයුම්කරු වන්නේ රුසියාවයි.

Share This