ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය

ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අගෝස්තු 2 ,4 සහ 7 යන දිනවලදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීපැවැත්වීමට නියමිතයි.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුෂ්ක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, දිල්ෂාන් මදුශංක, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු සංචිතයට ඇතුලත් සෙසු ක්‍රීඩකයින් වනවා.

Share This