ඉන්දියාවට ඩ්‍රෝන යානයකින් රැගෙන ආ හෙරොයින් බවට සැක මත්ද්‍රව්‍ය හසුවේ

ඉන්දියාවට ඩ්‍රෝන යානයකින් රැගෙන ආ හෙරොයින් බවට සැක මත්ද්‍රව්‍ය හසුවේ

ඉන්දීය දේශසීමා ආරක්ෂක හමුදාව විසින් පන්ජාබ් ප්‍රාන්තයේ ටාන් ටරන් දිස්ත්‍රික්කයේ කාලියා ගම්මානය අසලදී හෙරොයින් කිලෝග්‍රෑම් 2.4ක් බරැති මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ ඩ්‍රෝන යානයක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා,

පාකිස්ථානයේ සිට ඉන්දීය භූමියට ඇතුළු වන බවට සැක කෙරෙන ඩ්‍රෝන යානයක් පිළිබඳව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසු දේශසීමාවේ යොදවා සිටි භට පිරිස් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බව සඳහන්.

සෝදිසි කිරීමේදී, දේශසීමා ආරක්ෂක හමුදා භට පිරිස් විසින් හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් සමගඩ්‍රෝන් යානය සොයා ගෙන තිබෙනවා.

මීට පෙර ද, අම්රිත්සාර්හි දී ඩ්‍රෝන යානයක් බිම හෙළීමෙන් පසු දේශසීමා ආරක්ෂක හමුදාව හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් සහ ග්‍රෑම් 100 ක අබිං අත්අඩංගුවට ගනු ලැබුවා.

Share This