ඉන්දියාවත් බූස්ටර් දීම අරඹයි

ඉන්දියාවත් බූස්ටර් දීම අරඹයි

කොවිඩ් 19 ආසදිතයින්ගේ යළි වැඩිවීම නිසා ඉන්දියාවේ ප්‍රමුඛ කණ්ඩායම් සඳහා කොවිඩ් -19 බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමට පටන් ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවකයින් සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් දැනට බූස්ටර් එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබෙනවා.

බූස්ටර් එන්නත ලබා ගැනීමෙන්  ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව වැඩි ආරක්ෂාවක් සපයන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉන්දියාව පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 179,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

අගනුවර වන දිල්ලියේ සහ  මුම්බායිවල  ආසදිතයින්ගේ වැඩිවීම වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා කිරීමට හේතුව බවයි පැවසෙන්නේ .

Share This