
ඉන්දියාවෙන් ගෙන්වූ පළමු ලුණු තොගය
ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබෙනවා.
පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණා.
ඒ අනුව රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.