ඉන්දියාවෙන් බිත්තර ආනයන කල් යයි (VIDEO)

ඉන්දියාවෙන් බිත්තර ආනයන කල් යයි (VIDEO)

වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීමට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ප්‍රමාද විය හැකි බව වෙළඳ අමාත්‍යංශය පවසනවා.

බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීමේදී ඊට සැපයුම්කරුවන් 20 දෙනෙකු බිත්තර ආනයනයට කැමැත්ත පළ කර ඇති අතර ඉන් බහුතරයක් ඉන්දීය ව්‍යාපාරිකයින් වනවා.

කිසියම් රටකින් මෙරටට බිත්තර ආනයනය කරන්නේ නම් අදාළ රට කුරුළු උණ රෝගයෙන් තොර රටක් විය යුතු බවයි පසුගියදා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය හේමලී කොතලාවල මහත්මිය අවධාරණය කළේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඉන්දියාවේ කුරුළු උණ රෝගය වාර්තා වීම හේතුවෙන් එරටින් බිත්තර ආනයනය කිරීමට බාධා එල්ල වී ඇති බව සඳහන්.

මීට අමතරව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව වෙළඳ අමාත්‍යංශයට බිත්තර ආනයනයට හැකියාවක් නොමැති බවද වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.බී. අතපත්තු මහතා ප්‍රකාශ කළා.

Share This