ඉන්දියාවෙන් හමුවූ මන්කිෆොක්ස් ආසාදිතයා

ඉන්දියාවෙන් හමුවූ මන්කිෆොක්ස් ආසාදිතයා

මන්කිෆොක්ස් රෝගය ආසාදනය වූ බවට සැකකෙරෙන ආසාදිතයෙකු ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බවට අනාවරණය වී ඇති අතර ආසාදිතයා මේ වන විට රෝහලක හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එරටින් පළමු වරට වාර්තා වන මන්කිෆොක්ස් ආසාදිතයා මෙම පුද්ගලයා වනු ඇති අතර තවදුරටත් එය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ශරීර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව සඳහන්.

Share This