ඉන්දියාවේ 141ක් මරුමුවට පත්වූ පාලම කඩා වැටීමේ සිදුවීමට අදාළව 9ක් අත්අඩංගුවට

ඉන්දියාවේ 141ක් මරුමුවට පත්වූ පාලම කඩා වැටීමේ සිදුවීමට අදාළව 9ක් අත්අඩංගුවට

ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි දිස්ත්‍රික්කයේ එල්ලෙන පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 141 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහි සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වසර 140 ක් පැරණි මෙම පාලම අලුත්වැඩියා කිරීම සඳහා වසා දමා දින කිහිපයකට පසු නැවත විවෘත කිරීමෙන් පසු කඩා වැටි ඇති අතර දෙවන දිනටත්
ගඟේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ කර තිබෙනවා

පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පාලම නඩත්තු කිරීමට කොන්ත්‍රාත්තු කර ඇති සමාගමක සේවකයින් ද ඊට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෙම පාලම 19 වැනි සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දක් .

මියගිය අය අතර කාන්තාවන්, ළමුන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් විශාල පිරිසක් සිටින බව එරට බලධාරීහු සඳහන් කරනවා

Share This