ඉන්දියාවේ Aditya-L1 අද සූර්යය ගමන අරඹයි

ඉන්දියාවේ Aditya-L1 අද සූර්යය ගමන අරඹයි

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බසින ලද පළමු රට බවට පත්වෙමින් ඉතිහාසගත වීමෙන් දින කිහිපයකට පසු ඉන්දියාව සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම සූර්යයා වෙත දියත් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. .

Aditya-L1 අද(01) ඉන්දීය වේලාවෙන් 11:50 ට Sriharikota හි දියත් කිරීමේ වේදිකාවෙන් කක්ෂගත කිරීමට නියමිතයි.

සූර්යයා පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් පිහිටා තිබෙනවා.

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ මෙම දුර ගමන් කිරීමට මාස හතරක කාලයක් ගතවනු ඇති බවයි.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ හින්දු දෙවියන් වන ආදිත්‍ය ලෙසයි.

තවද L1 යනු Lagrange point 1 යන්නයි.

ඉන්දියානු අභ්‍යවකාශ යානය තැන්පත් කරනු ලබන සූර්යයා සහ පෘථිවිය අතර නිශ්චිත ස්ථානයක නොහොත් Lagrange point නම්වූ ස්ථානයේ බවයි සඳහන්වන්නේ.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අනුව, Lagrange point යනු සූර්යයා සහ පෘථිවිය වැනි විශාල වස්තූන් දෙකක ගුරුත්වාකර්ෂණ බලයන් එකිනෙක අවලංගු වන අභ්‍යවකාශ යානයකට නතර වීමට ඉඩසලසන ස්ථානයකටයි.

ආදිත්‍ය – L1 මෙම Lagrange point ළඟා වූ පසු, එය පෘථිවිය හා සමාන වේගයකින් සූර්යයා වටා කක්ෂගත වීමට හැකි වනවා.

මෙයින් අදහස් කරන්නේ චන්ද්‍රිකාව ක්‍රියාත්මක වීමට ඉතා කුඩා ඉන්ධන අවශ්‍ය වනු ඇති බවයි.

මෙම වාසිදායක ස්ථානයේ සිට, ආදිත්‍ය – L1 හට සූර්යයා නිරන්තරයෙන් නැරඹීමට හැකි වනු ඇත

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය මෙහෙයුම සඳහා කොපමණ මුදලක් වැය වේද යන්න ප්‍රකාශ කර නොමැති නමුත් ඉන්දියානු පුවත්පත් වාර්තා කළේ එය රුපියල් බිලියන 3.78 ක් ලෙසයි.

Share This