ඉන්දියාවේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආගමික ස්ථානයක් කඩා වැටෙයි – 9ක් මරුට

ඉන්දියාවේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආගමික ස්ථානයක් කඩා වැටෙයි – 9ක් මරුට

ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ හිමාචල් ප්‍රදේශයේ පුරාණ හින්දු කෝවිලක් අධික වර්ෂාපතනය හේතුවෙන් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් එහි සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

ජනප්‍රිය සංචාරක නගරයක් වන ෂිම්ලා හි පිහිටි මෙම ආගමික ස්ථානය කඩා වැටීමෙන් පසු මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවද සඳහන්

පසුගිය දින කිහිපය තුළ හිමාචල් ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබීමෙන් ගංවතුර සහ නායයෑම් ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ

වර්ෂාව ආශ්‍රිත සිදුවීම්වලින් ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නාය ගිය ස්ථානයට ගොස් සිටින ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය Sukhvinder Singh Sukhu වාර්තාකරුවන්ට පැවසුවේ පුද්ගලයින් 20-25 ක් අතර ප්‍රමාණයක් සුන්බුන් යට සිරවී සිටිය හැකි බවයි.

Share This