ඉන්දියාවේ ඉදිවන ලොව උසම දුම්රිය පාලම

ඉන්දියාවේ ඉදිවන ලොව උසම දුම්රිය පාලම

ලොව උසම දුම්රිය පාලම නුදුරේදීම ඉන්දියාවේ පාලිත කාශ්මීරයේ දී නුදුරේදීම විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Chenab ගඟ හරහා ඉදිවෙමින් පවතින එම පාලම මීටර් 1315 කින් සහ උසින් මීටර් 359 කින් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම කිලෝමීටර් 119 ක දිගකින් සමන්විත වන එම පාලම උමං මාර්ග 38 කින් සමන්විත වනවා.

මෙම දුම්රිය පාලම ඉන්දියාවේ ප්‍රධාන දුම්රිය ජාලයට එක්වන අතර Jammu ප්‍රදේශයේ Bakkal හා Kauri ගම්මාන අතර එය ඉදිකර තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 168 ක වියදමකින් ඉදිකරන දුම්රිය පාලම භූ කම්පන ක්‍රියාකාරකම් වැඩි ප්‍රදේශයක ඉදිකර තිබීම ද විශේෂත්වයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This