ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ විරෝධතා -විශ්ව විද්‍යාල සහ පාසල්ද වසා දමයි (VIDEO)
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පන්තිකාමර තුළ මුස්ලිම් කාන්තාවන් හිස්වැසුම් පැළඳ සිටීම සම්බන්ධයෙන් ඇති තහනමට විරෝධතා පැන නැගී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
තහනමට පක්ෂව සහ විරුද්ධව රට පුරා නගරවල විරෝධතා පැවැත්වෙන බව සඳහන්.
සිසුන්ගේ ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩත්වයට පත්වීමත් සමඟ කර්නාටක රජය විසින් කලාපයේ උසස් පාසල් සහ විද්‍යාල වසා දමා තිබෙනවා
කර්නාටක ප්‍රාන්තයේ උඩුපි දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක සිසුන් හිජාබ් තහනම සම්බන්ධයෙන් විරෝධතා ආරම්භ කිරීමත් සමඟ මෙම විරෝධතාද ආරම්භ වි ඇති බවයි පැවසෙන්නේ