ඉන්දියාවේ කෘෂිකාර්මික ආදායම ඩොලර් බිලියන 50 ඉක්මවයි
ඉන්දියාව, කෘෂිකාර්මික අපනයන මගින් ගතවූ මූල්‍ය වර්ෂයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා යන ඉහළ ආදායමක් උපයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඉන්දියාව ලෝකයේ ආහාර කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා වන අරමුණු සහගත වැඩපිළිවෙළ යටතේ ගනු ලැබූ බහුවිධ පියවරයන් තුළින් කෘෂිකාර්මික අපනයනවල ඉහළම අගයට ළඟා වීමට හැකි වූ බවයි එරට වාණිජ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.
මීට පෙර කෘෂිකර්ම ක්ෂේත්රයේ ඉහළම අපනයනය අගය වූ ඩොලර් බිලියන 43 ක් 2013-14 වසරවල වාර්තා තිබෙනවා.
එහෙත් ඉන් පසුව එම අගයන්ගේ පහත වැටීමක් දක්නට ලැබුණු අතර 2016-17 වන විට එම අගයෙන් ඩොලර් බිලියන 10 ක අඩුවීමක් සිදු වූ බව සඳහන්.
කෘෂිකාර්මික නිෂ්පාදනය හා අපනයනය අතර සම්බන්ධය බිඳ වැටීම, ප්‍රාන්ත රජයන් සහ ගොවීන් අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන සංකල්පය හොඳින් දැන නොසිටීම සහ අපනයන යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් මෙම කඩාවැටීම සිදුවූ බවයි පැවසෙන්නේ.
පසුව අදාළ ගැටලුවලට විසඳුම් සැපයීමත් සමග මෙම නව වර්ධනය සිදුව ඇති අතර එහිදී 2021-22 වසර තුළ ඉන්දියාව සහල් අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 10ක් පමණ උපයාගෙන ඇති අතර එය ලෝකයේ සහල් අපනයනයෙන් සියයට 50ක් පමණ වනවා.