ඉන්දියාවේ “චන්ද්‍රයාන්-3” අද ගුවනට

ඉන්දියාවේ “චන්ද්‍රයාන්-3” අද ගුවනට

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අද(14) පස්වරු 2.35 ට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා .

දින 40ක කාලයක් මේ සඳහා ගතවනු ඇති බවත් අභ්‍යවකාශ යානය අගෝස්තු 23-24 දිනවල සඳ මත ස්පර්ශ කිරීමට අපේක්ෂා කෙරෙන බවත් අභ්‍යවකාශ නිලධාරීන් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඉන්දියාවේ චන්ද්‍රයාන්-1, අභ්‍යවකාශ යානය සඳ වෙත යැවීමේ පළමු මෙහෙයුම, 2008 ඔක්තෝම්බර් මාසයේදී දියත් කර 2009 අගෝස්තු දක්වා ක්‍රියාත්මක වුණා .

2019 වසරේ දී චන්ද්‍රයාන් – 2 යානය සැළසුම් කළ ගමන් පථයෙන් බැහැර වීම නිසා ගොඩබෑමකට ලක්වූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

ඒ අනුව ඉන්දියාව අභ්‍යවකාශ යානය සඳ වෙත යැවීමේ සිය තුන්වන සඳ මෙහෙයුම දියත් කිරීමට සූදානම් වනවා

මෙය සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත ගොඩබෑමක් සිදු කළ සිව්වන රට ඉන්දියාව වනු ඇති

Share This