ඉන්දියාවේ තවත් කුරිරු ඝාතනයක් -පෙම්වතෙක් පෙම්වතිය මරා ශීතකරණයක දමලා -මාස 6කට පසු අනාවරණය වෙයි

ඉන්දියාවේ තවත් කුරිරු ඝාතනයක් -පෙම්වතෙක් පෙම්වතිය මරා ශීතකරණයක දමලා -මාස 6කට පසු අනාවරණය වෙයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ශ්‍රද්ධා වෝල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා විසින් ඇය අතුරුදන්ව ඇති බවට වාර්තා කිරීමෙන් පසු ඇයගේ මරණය අනාවරණය වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ශ්‍රද්ධාගේ හිස් කබල, ජංගම දුරකථනය, මිනීමැරීම සඳහා භාවිතා කළ අවිය තවමත් අතුරුදන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

පසුගිය මැයි 18දා ඇති වූ ගැටුමකින් පසු ඇයගේ ගෙල සිරකර මරා දැමු බවයි ඇයගේ පෙම්වතාවන අෆ්තාබ් අමීන් පූනාවල පවසා තිබෙන්නේ

පසුව අෆ්තාබ් විසින් පසු දිනයේ අධිශීතකරණයක් සහ පිහියක් මිල දී ගෙන ඇයගේ සිරුර කැබලිවලට කපා අධිශීතකරණයේ ගබඩා කළ බවත් ඔහු පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

රාත්‍රියේදී ඔහු සිරුරු කොටස් පිටතට ගෙන අසල වනාන්තර ප්‍රදේශවලට බැහැර කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ

ශ්‍රද්ධා වෝකර්ගේ සිරුරේ කොටස් 35ක් ඇයව මරා දැමීමෙන් පසු වනාන්තරයට ඉවත් කළ බව අෆ්තාබ් විසින් ප්‍රකාශ කර තිබෙනවා

ඉන් පසුව වනාන්තරයෙන් ඇටකටු 10-13 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ

පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This