ඉන්දියාවේ තවත් පුණ්‍යායතන සංවිධානයක විදේශ අරමුදල් අත්හිටුවයි
විදේශ අරමුදල් තහනම් කිරීම නිසා තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ඔක්ස්ෆෑම් ඉන්දියා පුණ්‍යායතන සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා
මෙම සීමාව 2022 ජනවාරි 1 සිට බලාත්මක වූ බවත් විදේශ අරමුදල් බලපත්‍රය අහිමි වීමෙන් පසුව වැඩ කටයුතු කිරීම සඳහා දැඩි ලෙස බලපා ඇති බව සඳහන්
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සීමාවන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට සුදානම් බවයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ
මෙය සිදුවන්නේ තෙරේසා මවුතුමිය විසින් ආරම්භ කරන ලද The Missionaries of Charity සඳහා ඉන්දියාව විදේශ අරමුදල් අවහිර කිරීමෙන් සතියකට පසුවයි.
විදේශ ආධාරවලින් අහිතකර ප්‍රතිඵල අත්වන බවට චෝදනා කරමින් පසුගිය සතියේ තෙරේසා මවුතුමිය විසින් ආරම්භ කරන ලද පුණ්‍යායතනයේ බලපත්‍රය අවලංගු කෙරුණා
නමුත් ඔක්ස්ෆෑම්හි බලපත්‍රය අහිමි වීමට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පුණ්‍යායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ අරමුදල් ලබන ඕනෑම ලාභ නොලබන සංවිධාන සඳහා විදේශ දායකත්ව නියාමන පනත (FCRA) යටතේ ලියාපදිංචි වීම අනිවාර්ය වනවා.
එවැනි සංවිධාන 6,000කට ආසන්න සංඛ්‍යාවකට ලබා දී තිබූ බලපත්‍රය ජනවාරි 1 වැනිදායින් අවලංගු වූ බව හින්දු පුවත්පත වාර්තා කරනු ලැබුවා
සංවිධාන 179 ක් සඳහා බලපත්‍ර අලුත් කිරීම් අවලංගු කර ඇති බවයි වාර්තා වී තිබෙන්නේ